Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

කටුනායක ගුවන් තොටුපොළේ මගී පරීක්ෂා කිරීමේ කටයුතු පහසු කෙරේ

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගී පරීක්ෂා කිරීමේ කටයුතු පහසු කෙරේ.

ඒ සඳහා ගුවන් තොටුපොළේ විද්‍යුත් ගේට්ටු 10ක් සවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී මීට අදාළ යෝජනාව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර තිබිණ. මේ අතර ගුවන් තොටුපළේ තාවකාලිකව මගී පර්යන්තයක් ඉදිකිරීමටද කැබිනට් අනුමැතිය හිමිව ඇත.