Social Icons

facebookrss feedemailtwitter

Thursday, May 3, 2018

ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පසු බසී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම 20 - 20 ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව අබිබවා ඉදිරියට යෑමට ඇෆ්ගනිස්තානය සමත්ව ඇත.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල ප්‍රසාද ලකුණු 89ක් සමගින් 8 වැනි ස්ථානයේ පසුවු ශ්‍රී ලංකාව ලකුණු 4ක් අඩු වීමෙන් 9 වැනි ස්ථානය දක්වා පහත වැටී ඇති අතර ඇෆ්ගනිස්තානය ප්‍රසාද ලකුණු 88 ත් සමඟින් 9 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඇෆ්ගනිස්තානයට ප්‍රසාද ලකුණක් අඩුවුව ද ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටී. මේ වසර තුළ 20 -20 තරග 6ක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉන් තරග 3ක් (බංග්ලාදේශය 2, ඉන්දියාව 1) ජයගත් අතර බංග්ලාදේශය හමුවේ තරග 2 කින්ද ඉන්දියාව හමුවේ එක් තරගයකින් ද පරාජයට පත්විය. මේ ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 7 නොවෙනස්ව පවතින අතර පාකිස්තානය පෙරමුණේ පසුවේ. ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවේ. 20 - 20 නවතම ශ්‍රේණිගත කිරීම

1. පාකිස්තානය (130)
2. ඔස්ට්‍රේලියාව (126)
3. ඉන්දියාව (123)
4. නවසීලන්තය (116)
5. එංගලන්තය (115)
6. දකුණු අප්‍රිකාව (114)
7. බටහිර ඉන්දීය කොදෙව් (114)
8. ඇෆ්ගනිස්තානය (87)
9. ශ්‍රී ලංකාව (85)
10. බංග්ලාදේශය (75)