Social Icons

facebookrss feedemailtwitter

Thursday, August 2, 2018

තේ අපනයනයෙන් රු.බිලියන 113.9 ක ආදායමක්

මේ වසරේ මුල් මාස 6 තුළ ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 113.9 ක් ඉපයීමට සමත්වේ.

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා එලෙස උපයන ලද ආදායම රුපියල් බිලියන 110.4 කි. කෙසේ නමුත් තේ අපනයන ආදායමෙහි ඩොලර් විනිමය අගය සැළකූ විට වසර දෙකේදීම මුල් මාස හයේ ආදායම සටහන් වන්නේ ඩොලර් මිලියන 729 කට ආසන්නවයි.

2017 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 138 ක් අපනයනය කළ අතර, මේ වසරේ එම කාලසීමාව තුළ අපනයනය කළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 137 කි. පළමු අර්ධයේදී ශ්‍රී ලංකාව චීනයට වාර්තාගත ලෙස තේ කිලෝග්‍රෑම් මිලියන 5.3 ක් අපනයනය කර ඇත. පසුගිය වසරේදී එය සටහන් වූයේ කිලෝග්‍රෑම් මිලියන 4 ක් ලෙසයි.