Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

දුම්රිය සේවකයන්ට 320ක වැටුප් වැඩිවීමක්

ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 ක් විසින් දිගින් දිගටම ඉල්ලා සිටි රුපියල් 320 ක වැටුප් වැඩිවීම සඳහා කැබිනට් මණ්ඩලය 31වැනි දින එකඟතාව පළකර ඇත.

අදාළ තීන්දුව දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා පත්කළ කැබිනට් අනුකමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා විසින් දුරකථනයෙන් දැනුම් දුන් බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසා ඇත.

දුම්රිය රියැදුරන්, දුම්රිය ස්ථානාධිපතිවරු, දුම්රිය නියාමකවරු ඇතුළු ප්‍රධාන දුම්රිය වෘත්තීය සමිති 11 සිය රුපියල් 16500 ක වැටුප රුපියල් 16820 ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීන්දු කර තිබුණි. මෙම වැටුප් වැඩිවීම සඳහා අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප් තලය M1, M2 යන සංකේත ඛාණ්ඩ දක්වා ඉහළ දැමීමට නියමිතව තිබුණි.

මෙම ගැටලුව විසඳීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් කැබිනට් අනු කමිටුවක් පත්කර තිබූ අතර එහි සභාපතිව කටයුතු කළ අමාත්‍ය සරත් අමුණුගම මහතා අදාළ වැටුප්  විෂමතාව ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදුන් බව දුරකථනයෙන් තම සංගමය වෙත දැනුම් දුන් නිසා වර්ජනය අත හැරීමට තීරණය කළ බව ජානක ප්‍රනාන්දු මහතා පැවැසීය.