Social Icons

facebookrss feedemailtwitter

Wednesday, August 1, 2018

සිම්බාබ්වේ නිදහස් ඡන්දය ජය සති අන්තයේදී

සිම්බාබ්වේහි හිටපු ජනාධිපතිවරයකු වූ රොබට් මුබාගේ ගේ වසර 37 ඒකාධිපති පාලනයෙන් අනතුරුව පැවැත්වෙන පළමු  නිදහස් හා සාමකාමී මහ මැතිවරණය පසුගියදා පැවැත්විණ.

මෙම මැතිවරණයේ විශේෂිතම ලක්ෂණයක් වූයේ 75% ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වීම හා එයින් බහුතරය  තරුණ තරුණියන්ගේ ඡන්ද ප්‍රතිශතය වීමත් ය. මෙවර ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වනුයේ ZANU - PF පක්ෂයේ එමර්සන් ම්නන්ගාවා හා MDC සන්ධාන යේ පක්ෂයේ නෙල්සන් චැම්සා යන අපේක්ෂකයන් ය. එමර්සන් ම්නන්ගාවා දැනට ZANU - PF පක්ෂයේ වර්තමාන නායකයා වන අතර ඔහුගේ දූෂණවාදී, අකාර්යක්ෂම පාලනය බොහෝ විට බිඳ වැටෙනු ඇතැයි මත පළ වේ.

අපේක්ෂකයන් දෙදෙනාගෙන් නෙල්සන් චැම්සා හට වැඩි ජනප්‍රියත්වයක් හා ප්‍රතිචාරයක් පවතින අතර බොහෝ විචාරකයින් පවසා සිටින්නේ නෙල්සන් චැම්සා ජයග්‍රහණය ලබනු ඇති බවයි. මේ වන විට 94 වියැති රොබට් මුගාබේ ගේ ජනප්‍රියත්වය පහත බැස ඇති අතර සාමකාමීත්වය අගය කරන්නා වූ 40 වියැති නෙල්සන් චැම්සා වටා තරුණ පිරිස් ආකර්ෂණය වන සෙයක් පෙනෙයි. කෙසේ නමුත් මැතිවරණයේ ප්‍රතිඵල මෙම සති අග දී නිකුත් වීමට නියමිත ය.