Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 5, 2018

මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 4.0

මේ වසරේ දී ආර්ථිකය සියයට 4ට ආසන්න අගයකින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

ඒ අනුව එය ඊට පුරෝකථනය කර තිබූ සියයට 4ත් 4.5ත් අතර අගයට වඩා අඩු අගයකි. ශ්‍රී ලංකාවට චීනයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයක හවුල්කාරීත්ව ණයක් ලැබෙන බවත් එහි පළමු වාරිකය මේ මසදී ලැබෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

එහි පළමු වාරිකය වන එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක මුදල මේ මාසයේදීත් දෙවැනි වාරිකය ඔක්තෝබර් මාසයේදී ලැබෙන බවත් මහ බැංකු අධිපතිවරයා කීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කුමාරස්වාමි මහතා ඒ බව කීවේය. චීන සංවර්ධන බැංකුවෙන් මෙම ණය මුදල ලැබෙන අතර මුදල ලැබෙන්නේ 5.25 % පොලී අනුපාතයක් අනුවය. මෙම ණය මුදල වසර 8කින් නැවත ගෙවිය යුතු වේ.

ණය මුදල ගෙවීමේදී අවුරුදු තුනක සහන කාලයක් ද හිමි වේ. මේ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඊළඟ වාරික මුදල වන එක්සත් ජනපද ඩොලර් මිලයන 250ක මුදල ඉදිරියේදී ලැබීමට නියමිත බව ද මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කීය.