Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 5, 2018

නිකොලොස් මදුරෝට ඩ්‍රොන් ප්‍රහාරයක්

වෙනියුසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝට එල්ල වූ ඩ්‍රොන් යානා ප්‍රහාරයකින් ඔහු දිවි ගලවාගෙන තිබේ.

වෙනිසියුලාවේ කර්කාස් නුවර පැවති උත්සවයකදී අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා උත්සව සභාව අමතමින් සිටින අවස්ථාවේ දී එල්ල වු ප්‍රහාරයෙන් පසු පෙළපාලියේ රැදී සිටි ආරක්ෂක අංශ සාමාජිකයින් දිවගොස් තිබේ. එම වැඩසටහන රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරිණි. ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව වෙනිසියුලානු සන්නිවේදන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.