මන්නාරම සමූහ මිනීවලෙන් මිනිස් අස්ථි කොටස් 62 ක් මේ වනවිට සොයාගෙන තිබේ.
මෙම සමූහ මිනීවලේ කැණිම් කටයුතු ආරම්භ කර අදට දින 46 ක් ගතවී තිබේ. ඉන් සම්පූර්ණ අස්ථි කොටස් 34 ක් මන්නාරම අධිකරණය වෙත භාරදී ඇති අතර, තවත් අස්ථි කොටස් කිහිපයක් මේ සතිය තුළදී භාරදීමට නියමිතයි.
මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයේ පස් ගොඩක තිබී පසුගිය මාර්තු 26 වැනි දින අස්ථි කොටස් තොගයක් හමුවීමත් සමඟයි මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත්තේ. මෙම අස්ථි කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවීමට තීරණය කර ඇති අතර, කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට මෙතෙක් එළඹ නොමැත.