Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

ඕස්ට්‍රේලියාවේ නගරයක් ඩෙංගු මදුරුවන්ගෙන් මුදා ගැනේ

ඕස්ට්‍රේලියාවේ ටවුන්විල් නගරය වසර 4 ක් පුරා ඩෙංගු මදුරුවන්ගෙන් මුක්ත කලාපයක් ලෙස පවත්වාගැනීමට එරට පර්යේෂක කණ්ඩායමක් සමත්වී ඇති පුවතක් වාර්තා වේ.

ඒ ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා තවත් මදුරු විශේෂයක් යොදාගැනීමත් සමගය. ඩෙංගු වෛරසය පතුරුවන ඊඩිස් ඊජිප්ටයි මදුරුවා සිටින ප්‍රදේශවල වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් බෝ කිරීම මගින් සාර්ථක ප්‍රතිඵලය අත්කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඕස්ට්‍රේලියානු පර්යේෂකයින්ගේ නවතම උත්සහය වී ඇත්තේ සීකා සහ මැලේරියාව පතුරුවන මදුරුවන් සඳහා ද මෙම ක්‍රමය උපයෝගී කර ගැනීම බව පැවසේ.