Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

ක්ෂූද්‍ර මූල්‍ය ආයතන නියාමනයට ආයතනයක්

ක්ෂූද්‍ර මූල්‍ය ආයතන රටපුරා බිහිවනුයේ අවිධිමත් ණය වෙළෙඳ පොළක් තුළින් තම ප්‍රාග්ධන අවශ්‍යතා ඉටුකර ගන්නට කටයුතු කරන ගම්බද දුප්පත් ගනුදෙනුකරුවෝ ඉලක්ක කර ගනිමින් බව මංගල සමරවීර අමාත්‍යවරයා පෙන්වා දේ.

පවතින අඩුපාඩු තිරසාරව විසඳාලීමට හැකි තරම් විධිමත් මූල්‍ය හා ක්ෂූද්‍ර මූල්‍ය ආයතන බිහිකර ඒවා දැඩි නියාමනයකට ලක් කිරීම අනිවාර්ය බව රජය හැඳි‍නගෙන ඇතැයි ද මංගල සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ක්ෂූද්‍ර මූල්‍ය ආයතනවල එකමුතුව එක්ව මේ දැඩි නීතිමය පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරනු ඇත. සියයට 200, සියයට 220ක් තරම් අධික පොලී මුදල් වෙනුවට උපරිමයෙන් සියයට 35ක් තරම් වූ පොලී අනුපාතයකට ණය මුදල් ලබාදීමට ක්ෂූද්‍ර මූල්‍ය ආයතන ඉදිරියේ දී ක්‍රියා කිරීමට මුදල් අමාත්‍යාංශයට එකඟතාව පළකර ඇතැයි ද මංගල සමරවීර මහතා පවසයි.