Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

පස් කන්ටේනර් තුළින් රන් පිටරට යවන ජාවාරමක් හෙළිවේ

රුපියල් කෝටි ගණන් වටිනා රන් කැබලි මිශ්‍ර පස් පිටරට පැටවීමේ මහා පරිමාණ ජවාරමක් හෙළිකර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත්වේ.

පසු ගිය වසරේ ජුනි මසයේ දී රේගුව විසින් රඳවාගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබාගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් පසුව මෙම ජවාරම අනාවරණය කරගෙන ඇත.

නීති විරෝධී ලෙස රන්කැබලි මිශ්‍ර පස් පිටරට යැවීමේ චෝදනාව මත එම කන්ටේනර් වලට රුපියල් ලක්ෂ 50ක දඬ මුදලක් නියම කර එම අපනයනය කිරීම  තහනම් කිරීමට රේගුවේ හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පියවර ගෙන ඇත. එම සිද්ධියෙන් පසුව තවත් එවැනිම පස් කන්ටේනර් 15ක් රේගුව විසින් නවත්වාගෙන ඇත්තේ ඉහත ජවාරම හෙළි වූ පසුවය. තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලඥයකුගේ ඥාතීයෙක් යැයි පවසමින් ව්‍යාපාරිකයෙක් මෙරටට පැමිණ එම කන්ටේනර් 15 ගෙන යෑමට උත්සහ කර ඇත.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ කාර්යංශයේ ප්‍රධානීන් පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන වලට මේ පිළිබඳව දැනුම් දී තිබේ.  අදාළ කන්ටේනර් 64 නිදහස් කිරීම මේ වනවිට නවතා ඇත. සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරේ.