Social Icons

facebookrss feedemailtwitter

Saturday, August 4, 2018

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන් යළිත් වරක් ඇමරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ලිපියක් එවා ඇති බව ධවල මන්දිරය වාර්තා කළේය.

ඇති කරගත් මිතුදම දිගටම ශක්තිමත් වනු දැකීම තම අරමුණ බවත් න්‍යෂ්ටික අයිහරණ කටයුතු සිදුවෙමින් පවතින බවත් එම ලිපියෙහි සඳහන් කර ඇති බව ලිපිය පිළිබද තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය කළ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා සැසේරා සැන්ඩර්ස් පවසා ඇත.

න්‍යෂ්ටික කටයුතු නවතා දමමින්, කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවි වලින් තොර තැනක් බවට පත් කිරීමට උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කර ඇත. පසුගිය ජූනි 16 වැනිදා සිංගප්පූරුවේදී ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී ද න්‍යෂ්ටික අවිහරණ කටයුතු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැණින. එම හමුවෙන් පසු උතුරු කොරියා නායකයා ඇමෙරිකා ජනාධිපතිවරයාට ලිපියක් යැවූ පළමු අවස්ථාව මෙයයි.