Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

මරණ බියෙන් ලිබියානු සිරකරුවන් 400ක් පැන යයි

ලිබියාවේ ට්‍රිපොලි අගනුවර “අයින් සාරා” සිර ගෙදරින් සිරකරුවන් 400කට අධික පිරිසක් පැන යාමේ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය‍යෙන් වාර්තා විය.

එක්සත් ජාතීන් විසින් මෙහෙය වන හමුදා හා යුධ පුහුණුව ලත් මහජන හමුදා අතර ට්‍රිපොලිහි හදිසියේ හටගත් ප්‍රචණ්ඩකාරී තත්වයක් හේතුවෙන් දිවි ගලවා ගැනීම අරමුණින් මෙලෙස සිදුකර ඇති බවට වාර්තා පළ වේ. පැනගිය සිරකරුවන් සියලූදෙනා පිරිමි සිරකරුවන් වූ අතර 2011 දී මුහම්මර් ගඩාෆි රජයේ දේශපාලන අත් උදව් කරුවන් ලෙස සැළකේ. පැන ගිය සිරකරුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පවත්නා හදිසි තත්වය යටතේ එම කාර්යය ඉතා දුෂ්කර වී ඇති බවත් සඳහන් වේ.