Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගුවන් හමුදාවට පවරා ගැනීමේ යෝජනාවක්

සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ආරම්භ කළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීමට රජයට ඉදිරිපත් වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇත.

එම යෝජනාව සැළකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද එහිදී අනුමැතිය ද හිමිවී තිබේ. සයිටම් වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක සිට පැවැති අර්බුදයට පිළියමක් වශයෙන් එහි අධ්‍යාපනය ලබමින් සිටි 900කට ආසන්න වෛද්‍ය සිසුන් මේ වන විට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරනු ලැබ සිටිති.