Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 6, 2018

අප්‍රිකාවේ බොට්ස්වානා වන රක්ෂිතයේ අලි ඇතුන් 90 ක් මරා දමලා

අනවසර දඬයක්කරුවන් අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයේ වන රක්ෂිතයක අලි ඇතුන් 90 දෙනකු ඝාතනය කර ඇතැයි එරට රජය පවසයි.

අප්‍රිකාවේ අලි ඇතුන් බහුලව වෙසෙන අප්‍රිකා රාජ්‍යය වන්නේ බොට්ස්වානාය. වන රක්ෂිතයේ අලි ඇතුන් සංගණනයක් පැවැත්වුණු අතර, මරා දැමුණු අලි ඇතුන්ගේ සිරුරු හමුවී ඇත්තේ එම අවස්ථාවේදීය. මෙම අලි ඇතුන් ඝාතනය වී ඇත්තේ පසුගිය සති කිහිපය ඇතුළතදී යැයි ද පැවැසෙයි.