Social Icons

facebookrss feedemailtwitter

Friday, September 7, 2018

2019 අයවැය නොවැම්බර් 8

ආණ්ඩුවේ 2019 වසර සඳහා වන අය වැය ‍ලේඛනය නොවැම්බර් මස 08 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායකයන්ට දැනුම් දී ඇත.

ඒ අනුව අය වැය ‍ලේඛනය පිළිබඳ විවාදය නොවැම්බර් මස 08 වැනි දින සිට දෙසැම්බර් මස 08 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය. සෙනසුරාදා දිනයන්හිද අය වැය විවාදය පැවැත්විමට පක්ෂ නායකයෝ තීරණය කර ඇත. ආණ්ඩුවේ 2019 වර්ෂයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස මුල සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බවද සභානායකවරයා පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ. අය වැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 08 දා පැවැත්වෙනු ඇත.