Social Icons

facebookrss feedemailtwitter

Friday, September 7, 2018

රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත පිරිනමන ලදි.

ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය සැසිවාරයේ දීය. ශ්‍රී ලංකාව මැලේරියා රෝගයෙන් තුරන් වූ රටක් ලෙස නම් කළේ 2015 වසරේ දීය. 2016 වසරේ දී බරවා රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත්, 2017 වසරේ දී මවගෙන් දරුවාට බෝවන නව ජන්ම පිටගැස්ම රෝගයෙන් තුරන් වූ රටක් ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලදි.