Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

යුරෝපය උණුසුම ලැව් ගිනි ඇති වීමට හේතු වී තිබේ

යුරෝපයේ උෂ්ණත්වය වාර්තාගත අන්දමින් ඉහළ යෑමත් සමඟ දකුණු දිග පෘතුගාලයේ පැතිරයන දැවැන්ත ලැව් ගින්නක් මැඩලීම සඳහා ගිනි නිවන භටයන් 700 කට අධික පිරිසක් දැඩි පරිශ්‍රමයක නිරතවන බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා ආරම්භ වූ මෙම ලැව් ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර දහසක පමණ ප්‍රදේශයක් විනාශවී ඇති බව සඳහන්. අප්‍රිකානු මහද්වීපයේ සිට හමා එන උණුසුම් වා දහරා හේතුවෙන් යුරෝපයේ උෂ්ණත්වය මේ දිනවල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, පෘතුගාලයේ උෂ්ණත්වය මේ වනවිට සෙන්ටිග්‍රේඩ්ස් අංශක 46 දක්වා ඉහළ ගොස් ඇත. ස්පාඤ්ඤයේ ද එවැනි තත්වයක් දක්නට ලැබෙන අතර එහි උෂ්ණත්වයද සෙන්ටිග්‍රේඩ්ස් අංශක 40 ඉක්මවා තිබේ.