Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

ඉන්දුනීසියාවේ භූකම්පනයක් - ලංකාවට බලපෑමක් නැහැ

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ.

ලොම්බොක් දිවයින අශ්‍රිත ප්‍රදේශයට මේ වන විට සුනාමි අනතුරු අඟවීමක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ, එම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි.

භූ කම්පනය ඇති වූ ස්ථානයේ ගැඹුර කිලෝමීටර 15ක් පමණ වන බව ද වාර්තා වේ. මෙම භූ කම්පනය සිදු වූයේ රික්ටර් මාපකාංක 6.4ක් ඉන්දුනීසියාවට බලපෑ සතියකට පසුවය. සංචාරක පරාදීසයක් වන ඉන්දුනීසියාවට පසුගිය සතියේ බල පෑ භූමිකම්පාවෙන් 14 දෙනකු මියගොස් 162ට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.