Social Icons

facebookrss feedemailtwitter

Monday, August 6, 2018

සඳ තරණයෙන් ඉන්දියාවට වඩා ඊශ්‍රායලය ඉදිරියට

සඳ මතුපිටට චන්ද්‍ර යානයක් යැවීඹ අරමුණු කරගත් “චන්ද්‍රයාන් දෙක” අභ්‍යවකාශ මෙහෙයුම 2019 වසර දක්වා කල්දැමීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය තීරණය කරයි.

ඒ එහි පවතින තාක්ෂණික ගැටළු කිහිපයක් හේතුවෙනි. මේ නිසා සඳ මත චන්ද්‍ර යානයක් ඉතා සියුම් ලෙස ගොඩබැස්සවීමට තිබූ සිව්වැනි රට වීමේ අවස්ථාව ඉන්දියාවට අහිමිවීමේ අවදානමක් මතු වේ. ඊට හේතුව ඊශ්‍රායලය 2019 වසරේ පෙබරවාරි 13 වැනි දින ඒ සඳහා මෙහෙයුමක් සැළසුම් කර තිබේ.

 ඊශ්‍රායලය ඒ සඳහා ඇමරිකානු ෆෝල්කන් - 9 රොකට්ටුවක් යොදාගැනීමට නියමිත බව පැවසේ. 1966 පෙබරවාරි 3 වැනි දින සෝවියට් සංගමය මුලින්ම සඳ මත මෘදු යානා පතිත කිරීමක් සිදුකළ අතර, ඇමරිකා එක්සත් ජනපදය 1966 ජූනි 2 වැනි දින එම ඉලක්කය ජයගත්තේය. 2013 වසරේ දෙසැම්බර් 14 වැනි දා එම ජයග්‍රහණය අත් කර ගැනීමට සමත්වූයේ චීනයයි.