ඊශ්‍රායලයේ පිහිටි තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු නොකරන බව ජපාන අගමැති ෂෙන්සෝ අබේ පවසයි. ජපාන අගමැති ෂෙන්සෝ අබේ මෙලෙස කියා සිටියේ පලස්තීන පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන නායක මොහොමද් අබ්බාස් හමුවෙමිනි.
Sunday, May 6, 2018
Saturday, May 5, 2018
චීන - ඇමරිකානු ආර්ථික වෙළෙඳ සාකච්ඡා සාර්ථකද?
දින දෙකක් පුරා බෙයිජිංහි පැවති සාකච්ඡාවලදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අගමැති ලියු හ මහතා සහ ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, මුදල් ඇමති Steven Terner Mnuchin මහතා ප්‍රමුඛ නියෝජිත කණ්ඩායම සැළකිය යුතු ආකාරයේ එකගතා කිහිපයකට පැමිණි බව පැවසේ.
උෂ්ණාඅධික කාලගුණය ඉදිරි දින කිහිපයේදී
උෂ්ණාධික කාලගුණ තත්ත්වය මේ මස මැද භාගය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පාරිසරික උෂ්ණත්වය ඉහළ යාම, ආර්ද්‍රතාව වැඩි වීම හා සුළගේ වේගය අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව පැවසේ.
facebook ගැන නො ඇසූ කතා
ලොව සමාජ මාධ්‍යජාල අතරින් වැඩි වශයෙන් ජනප්‍රිය ජාලය වන්නේ ෆේස්බුක්. විවිධ රටවල මිනිසුන්ගේ ජනමත නිර්මාණ උපාංගයක් වශයෙන් මේ වන විට ෆේස්බුක් ක්‍රියාත්මක වන අවස්ථා දක්නට අහන්නට ලැබේ.
දියවැඩියා රෝගයේ නවතම තත්ත්වය
දියවැඩියා රෝගය එකිනෙකට වෙනස් වූ රෝග තත්ත්වයන් 05 කින් සමන්විත බව විද්‍යාඥයින් අනාවරණය කර ගෙන ඇත. දියවැඩියාව හෝ රුධිරයේ සීනි මට්ටම පාලනය කළ නොහැකි වීම සාමාන්‍ය රෝග තත්ත්වයන් ආකාර දෙකක් බව ඔවුන් පෙන්වා දේ.
Friday, May 4, 2018
ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් බද්ද ඉහළට
ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා ඇත. ඒ අනුව ආනයනික ලොකු ඵෑණු කිලෝ ග්‍රෑමයක් සඳහා මෙතෙක් රුපියලක්ව පැවති බද්ධ රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්ය.
ලිබියාවේ මැතිවරණ කාර්යාලයට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය
ලිබියාවේ මැතිවරණ කාර්යාලයට මරාගෙන මැරෙණ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අයි.එස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාර එල්ල කර ඇති බවට ද අනාවරණ වී ඇත.
උතුරු ඉන්දියාවේ දුවිලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 100 කට අධිකයි
උතුරු ඉන්දියාවේ රාජස්ථාන් හා උත්තර් ප්‍රදේශ් හරහා හමා ගිය ප්‍රචණ්ඩ දූවිලි කුණාටුවක් හේතුවෙන් 100 දෙනකුට අධික සංඛ්‍යාවක් මියගොස් ඇතැයි වාර්තා වේ. විදුලි කණු, ගොඩනැගිලි හා ගස් කඩාවැටීම හේතුවෙන් බොහෝ පිරිසක් මියගොස් ඇති අතර මෙය රාත්‍රී කාලයේ සිදුවීම නිසා අනතුරුදායක තත්ත්වය වැඩි වී ඇති බව බලධාරීහු පවසති.
කිරි පිටි රුපියල් 50 කින් ඉහළට
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 50 කින් ඉහළ නැංවීමට ජීවන වියදම් අනුකමිටු පාරිභෝගික කටයුතු අධිකාරියට නිර්දේශ කර තිබේ. අදාල කමිටුවේ සාමාජික කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා පැවසුවේ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමීමට ද නිර්දේශ කර ඇති බවයි.
අල්ලස් ගත් ජනපති කාර්ය මාණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ සභාපති 9 වැනි තෙක් රිමාන්ඩ්
අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය ලැබිය යුතුයි
උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැවති උණුසුම්කාරී වාතාවරණය අවසන් කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බව දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් සදහන් කරයි.
ෆේස්බුක් දත්ත සොරකම් කළ සමාගම වසා දැමීමට සැරසේ
ලොව පුරා ෆේස් බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ දත්ත අවභාවිතා කළ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට එම සමාගම තීරණය කරයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එල්ලවී ඇති චෝදනා මත සේවාදායකයන් සහ සේවකයින් තම සමාගමෙන් ඉවත්ව යෑම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි.
ඇමරිකාව මැදපෙරදිග සාම ක්‍රියාවලියේ මැදිහත්කරු ලෙස පිළි නොගන්නා බව පලස්තීනය පවසයි
පලස්තීන ඊශ්‍රායල සාම ක්‍රියාදාමය වෙනුවෙන් ඇමරිකාව එකම මැදිහත්කරුවෙක් ලෙස පෙනී සිටීම තමන් පිළි නොගන්නා බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා පවසයි.
වායු දුෂණය ඉහළට
වායු දූෂණය හේතුවෙන් ලොව පුරා මිලියන 7කට වැඩි පිරිසක් සෑම වසරකදීම මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඉන් වැඩි පිරිසක් ආසියා සහ අප්‍රිකා රට වලට අයත් ජනතාව බවයි, නවතම වාර්තාවක් පෙන්වා දෙන්නේ.
විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර
මෙම වසර තුළ විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2500ක ආදායමක් ඉපැයීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කරයි.
පිළිකා රෝගීන් 270 ක් මිය යාමට ආසන්න හේතුව පරිගනක පද්ධතියේ දෝෂයකි
බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණයට හේතුව පරිගණක පද්ධතියේ සිදුවූ දෝශයක් බව එරට සෞඛ්‍ය අංශ අණාවරනය කර තිබේ.
ලෝක Base Jumping තරගාවලිය
Base Jumping ක්‍රීඩාව ලෝකයේ ඉතා ජනප්‍රිය ක්‍රීඩා ඉසව්වක් බවට පත්ව තිබේ. 2018 ලෝක Base Jumping තරගාවලිය පසුගියදා චීනයේ චොන්චින් නගරයේ දී පැවැත්විණ.
2019 – “එක්දින ලෝක කුසලානය” මැයි 30
2019 වසරේ එක්දින ලෝක කුසලානය (ICC) මැයි 30 වැනි දින සිට ජුලි 14 වැනි දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡාවක් ඉන්දියාවේ කොල්කටා නුවරදී පවත්වා ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
Thursday, May 3, 2018
ජාතික කුරුඳු සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ජාතික කුරුඳු සතිය මැයි මස 07 දින සිට 11 දින දක්වා පැවැත්වීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබේ.
ලංකාව එක්දින ශ්‍රේණියේ පැවති ස්ථානයම රැකගනී
නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගැනීමට එංගලන්තය සමත්වේ. ඒ අනුව ඉන්දියාව දෙවැනි ස්ථානයට පත්වේ.
ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පසු බසී
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම 20 - 20 ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකාව අබිබවා ඉදිරියට යෑමට ඇෆ්ගනිස්තානය සමත්ව ඇත.
චීනයට සිදු කරන අපනයනයන්ගෙන් ඇමරිකාවේ රැකියා අවස්ථා මිලියනයක්
චීනයට සිදු කරන අපනයන මඟින් ඇමරිකාව තුළ රැකියා අවස්ථා මිලියනයක් පමණ නිර්මාණයවී ඇති බව පැවසේ. ඇමරිකා - චීන වෙළෙඳ ජාතික කමිටුව නිකුත් කළ වාර්ථාවක මේ බව දැක්වේ.
ඉරානය හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හැරීමට මොරොක්කෝව තීරණය කරයි
මොරොක්කෝවේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතා ලේකම් Nasser Bourita මහතා පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
චීනයේ ෆෙන්ග් යුන් 4A චන්ද්‍රිකාවෙන් දත්ත සැපයීම අරඹයි
චීනයේ ෆෙන්ග් යුන් 4A දේශගුණ නිරීක්ෂණ චන්ද්‍රිකාව දෙස් විදෙස් සේවාදායකයින්සඳහා දත්ත සම්පාදනය අරඹයි. 2016 වසරරේ දෙසැම්බර් මාසයේ දියත් කළ චන්ද්‍රිකාව මේ වන විට සිය සේවාව සක්‍රීය කර තිබේ.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ 2018 - 2019 තරග කාලසටහන
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ 2018 - 2019 තරග වාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව එම තරග වාරයේ දී නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය මව්බිමේ දී තරග වදිනු ඇති.
උතුරු ඇමරිකා හමුව දේශසීමාවේ දී පැවැත්වීමට සූදානම්
උතුරු සහ දකුණු කොරියා දේශ සීමා යුද මුක්ත කලාපයේදී එකිනෙකා හමුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් කැමැත්ත පළ කළහ. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ, ඇමරිකානු ජනාධිපතිවරයායි.
බාසිලෝනා විවෘත ශූරතාව රෆායල් නඩාල් ට
බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඥ්ඥයේ රෆායල් නඩාල් සමත් විය.
නයිජීරියා ජනපති ඇමෙරිකාවේ
ඇමරිකාවේ නිල සංචාරයකට පැමිණි නයිජීරියා ජනාධිපති මුහම්මාදු බුහාරී සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි. ධවල මන්දිරයට පැමිණි නයිජීරියා ජනාධිපති උණුසුම් ලෙස පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කළේය.
චීන - ශ්‍රී ලංකා සමස්ත වෙළෙඳ ගණුදෙනුවල වර්ධනයක්
චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳාම ඔස්සේ රටවල් දෙකටම ඉහළ ප්‍රතිලාභ භුක්ති විඳීමට හැකියාවක් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
පිලිපීනය කුවේටයට ගෘහ සේවිකාවන් යැවීම තහනම් කරයි
පිලිපීන ශ්‍රමිකයන්, විශේෂයෙන් ගෘහ සේවිකාවන් රැකියා සඳහා කුවේට් දේශයට යාම තහනම් කරමින් පිලිපීනයේ ජනාධිපති රොඩ්‍රිගෝ ඩියුටාර්ටේ විසින් පනවන ලද තහංචිය මේ දිනවල විශාල ආන්දෝලනයක් මතු කරයි. මීට පෙර තාවකාලික තහනමක් ලෙස පැනවුණ මේ වන විට එය ස්ථිර තහනමක් බවට පත්ව ඇති ආකාරයක් දක්නට ලැබේ.
කැබිනට් සංශෝධනයේ පසු විපරම
කැබිනට් සංශෝධනයට අදාළ අමාත්‍යවරුන් පමණක් දිවුරුම් දිම සිදු කෙරුණු අතර සෙසු කැබිනට් අමාත්‍යධූර එලෙසම ක්‍රියාත්මක වේ. 47 දෙනකුගෙන් සමන්විත වු කැබිනට් මණ්ඩලය 42 දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.
Wednesday, May 2, 2018
ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු චීනයට
ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ප්‍රමුඛ දූත පිරිස චීනයේ සංචාරයක නිරත වෙති.ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, මුදල් ඇමති Steven Terner Mnuchin මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස 3 වැනිදා සිට 4 වැනිදා දක්වා චීනයේ සංචාරය කරයි.
තේ සහ රබර්වලට තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවතට
ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම තේ සහ රබර් වගාව සඳහා අද (02) සිට ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
රිච්ටර් මාපකයේ ඒකක 5.1 ප්‍රබල භූ කම්පනයක්
තායිවානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද (02) අළුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5යි දශම 01ක ප්‍රබලත්වයක් සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්
සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් අද (02) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
ෆේස්බුක් නීති රීති ප්‍රසිද්ධ කරයි
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය එය භාවිත කරන්නන්ගේ නුසුදුසු අන්තර්ගතයන් ඉවත් කිරීමට භාවිත කරන ලද නීති රීති ප්‍රසිද්ධියට පත් කෙරේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ගැන නව එකඟතාවයකට සැරසෙයි
ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නව එකඟතාවකට පැමිණෙන බව ප්‍රංශ සහ අමෙරිකානු ජනාධිපතිවරුන් පවසයි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ අමෙරිකානු සංචාරය අතරතුර මෙම අදහස් පළ විය.
පලස්තීන ප්‍රශ්ණය විසඳීමට චීනයේ සහය
දේශපාලනයෙන් පලස්තීන අර්බුධය විසඳීම ඉදිරියට ගෙන යා යුතු බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිත Ma Chaoxu මහතා ආරක්ෂක මණ්ඩලයේ මැද පෙරදිග ගැටලුව පිළිබද සම්බන්ධ සාකච්ඡවේදී මේ බව පැවසීය. පලස්තීන අර්බුධය මැද පෙරදිග ප්‍රශ්ණය කේන්ද්‍රය වේ.
සිරියාවේ ස්වෛරීත්වය වෙනුවෙන් එක්වන්න
සිරියාවේ ස්වෛරීත්වය වෙනුවෙන් සහ එරටට සාමය උදා කිරීම වෙනුවෙන් තමන් කැපවෙන බව රුසියාව, ඉරානය සහ තුර්කිය ප්‍රතිඥා දෙයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් සෞදියේ සංචාරයක
මයික් පොම්පේයෝ සෞදියේ රියාද් බලා පැමිණියේ, මැද පෙරදිග කලාපයේ තෙදින නිල සංචාරයක් අරඹමිනි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ සෞදි විදේශ අමාත්‍ය අබ්දෙල් අල් ජුබීර් අතර කලාපීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවති බව පැවසේ.
එමිරේට්ස් වැසියන්ට ක්‍රීඩා උත්සවයක්
එමිරේට්ස් හි ජීවත්වන සංචාරකයන් නොවන සියලු වැසියන්ට ක්‍රීඩා උළෙලක් පැවැත්වීමේ අරමුණින් එරට ජනාධිපති ෂයීක් කලීෆා බින් සෙයිඩ් නහියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබු කෙටුම්පතට අනුමැතිය හිමි වී ඇති බව වාර්තා වේ.
ජපානය සමඟ සාකච්ඡා පැවැත්වීමට කිම් ජොන් උන් කැමති වේ
තමන් ජපානය සමඟත් සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පවසයි. උතුරු කොරියාව පසුගිය දා සිදුකළ දිගු දුර මිසයිල අත්හදා බැලීම් ජපානයට තර්ජනයක් විය. එනිසා උතුරු කොරියාව සහ ජපානය අතර යම් මත භේදයක් පවතී.
සෞදියට විනෝද නගරයක්
ඇමරිකානු ඩොලර් බිලියන විස්සක වියදමින් වර්ග කිලෝමීටර් 324 ක පමණ විනෝද නගරයක් ඉදිකිරීමට සෞදි රජය අපේක්ෂා කෙරේ. සල්මන් බින් අබ්දුලසිස් අල් - සවුද් නම් සෞදි රජු ව්‍යාපෘතිය සඳහා දේශිය මෙන්ම විදේශීය ආයෝජන යොදාගන්නා බව සදහන් කළේය.
ඇමරිකානු වෙළඳ ප්‍රතිපත්තිට රටවල් කිහිපයක විරෝධය
ඇමෙරිකානු වෙළඳ ප්‍රතිපත්ති නිසා යුරෝපා සංගම් අයිතිවාසිකම්වලට හානි සිදුවීම සම්බන්ධයෙන් පොදුවේ විරුද්ධ වන බව ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍යය යන රටවල් තුනෙහි නායකයෝ පවසති.
Tuesday, May 1, 2018
ඉරානයට තවමත් චෝදනා එල්ල වේ
බටහිර රටවලට හොරෙන් ඉරානය පරමාණු බෝම්බ නිපදවනවා යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉරානයට චෝදනා කරයි. තම චෝදනා ඔප්පු කිරීමට ඉරානයෙන් ලබා ගත් පිටු 55,000 කින් සමන්විත රහස් ලියකියවිලි රැසක් ඇති බව ද ඊශ්‍රායල අගමැති නෙදන්යාහු වැඩි දුරටත් කියා සිටී.
ඉරාන පාපන්දු ලෝලීන් පිළිබද අපූරු කතාවක්
පිරිමින් ලෙස සැරසෙමින් පාපන්දු තරගයක් නැරැඹීට ගිය තරුණියන් පස් දෙනකු සම්බන්ධ පුවතක් ඉරානයෙන් වාර්තා වේ. ඉරානය යනු දැඩි ඉස්ලාමීය නීතිරීති පවත්වාගෙන යන රටකි.
සිරියාවේ හමුදා කඳවුරුවලට ප්‍රහාරයක්
සිරියාවේ ඇලෙප්පෝ සහ හාමාස් යන පළාත්වල හමුදා කඳවුරු කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල වී ඇත. සතුරු මිසයිල ප්‍රහාර මෙම හමුදා කඳවුරු වෙත පැමිණ ඇත්තේ සිරියාවේ වේලාවෙන් රාත්‍රී 10.30 ට පමණය.
සර්බියාවේ නියෝජ්‍ය අගමැතිවරයා මේ සතියේ ශ්‍රී ලංකාවට
සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඊවිසි ඩාසික් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි සර්බියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අද දිවුරුම් දුන් නව කැබිනට් මණ්ඩලය
සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නව අමාත්‍යවරුන් අද (01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදි.
ජාත්‍යන්තර කම්කරු දිනය සැමරේ
1886 මැයි මස 01 වැනි දින අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස් වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවක නිරත වූ අතර දින කිහිපයක් පැවති විරෝධතාවලට පොලිසිය විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.
Subscribe to:
Posts (Atom)