Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 24, 2018

වතු පවුල් 500කට ඉඩම් අගමැති ප්‍රධානත්වයෙන්

වතු කම්කරු පවුල් පන්සියයක් සඳහා ලබන ජූලි පළමුවැනි දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පර්චස් හත බැඟින් ඉඩම් කැබලි පන්සියයක් පිරිනමන බව සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ ප්‍රකාශ කළේය.

පසුගිය පාලන සමයන්වල දී වතු සමාගම්වලට වතු ඉඩම් ලබා දුන්නත් වත්මන් රජය වතු කම්කරුවන් කෙරෙහි අවධානය යොමුකර ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ඒ අනුව ලබන ජූලි පළමු වැනිදා මහනුවර කැළෑබොක්ක වතු යායේ දී වතු කම්කරු පවුල් වෙත මෙලෙස ඉඩම් කැබලි ලබාදෙන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, 1995 චන්ද්‍රිකා මහත්මියගේ රජය කාලේ ලක්ෂ 9ක් සමාගම්වලට දුන්නා. යහපාලන රජය වතු කම්කරු පවුල් 150000කට පර්චස් 7ක ඉඩමක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ජූලි මාසේ 01 වැනිදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කැළෑබොක්ක වතුයායේ දී ආරම්භ කරනවා. එදාට ඉඩම් කැබලි 500ක් කම්කරුවන්ට බෙදා දෙනවා. සමාගම්වලට ඉඩම් දුන්නේ ඒ කාලේ. අපි ඉඩම් ලබාදෙන්නෙ කම්කරුවන්ට.