Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

ඉරාකයේ සන්ධාන රජයක්

සන්ධාන රජයක් පිහිටුවීමට ඉරාක ජනපති හා මුස්ලිම් ෂියා කණ්ඩායමේ නායකයා තීරණය කරයි.

ඒ අනුව නව රජයක් ස්ථාපිත කිරීම සඳහා ඉරාක ජනාධිපති Haider al - Abadi මහතා ප්‍රමුඛ “අල් - නස්රා සභාගය” (al – Nasr Coalition) සහ මුස්ලිම් ෂියා කණ්ඩායමේ ආගමික නායක Moqtada al - Sadr ප්‍රමුඛ “අල් - සයිරියන් සභාගය” (al - Sa'iroon Coalition) එකඟතාවකට එළඹ ඇති බව මාධ්‍ය හමුවක් අමතමින් මොවුන් සඳහන් කර තිබේ. ‍

ඒ සමඟම ඉරාක ජනාධිපතිවරයා එහිදී දෙපාර්ශ්වය එළඹ ඇති කරුණු 8 ක් සම්බන්ධයෙන් වන දේශපාලන යෝජනාවලිය ද ප්‍රකාශ කළේය. පසුගිය මැයි මස 12 වැනි දින ඉරාකයේ පාර්ලිමෙන්තු මහ මැතිවරණය පැවැත්විණ. ඉරාක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමෙන්තුවේ අඩකට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් සතු පක්ෂයට අග්‍රාමාත්‍යවරයා නම් කිරීමට බලය හිමි වේ. ඒමෙන්ම කැබ්නට් මණ්ඩල සංවිධානය කිරීමේ බලය ද හිමිය. එම විශාලතම පක්ෂය, මැතිවරණ ප්‍රතිඵලයට අනුනව නැවත සංවිධානය කරනු ලැබූ දේශපාලන සන්ධානයක් විය හැකි ය.