Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට දෙසැම්බරයේ

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමය යටතේ ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වන පනත සැප්තැම්බර් මාසයේ ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය ‍මෙසේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බව ද ඇමතිවරයා කියයි. නව මැතිවරණ ක්‍රමයට වඩා බොහෝ දෙනාගේ කැමැත්ත පැරණි මනාප ක්‍රමයට නිසා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වෙනු ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.