Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

හඳුනාගත් ඉලක්ක 25 ක් වෙත මෝටාර් සහ ෂෙල් වෙඩි ප්‍රහාර

පලස්තීන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව ඊශ්‍රායල ප්‍රහාරක යානා විසින් ගාසා තීරයේ හඳුනාගත් ස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර ඇත්තේ හඳුනාගත් ඉලක්ක 25 ක් වෙත මෝටාර් සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එම ප්‍රහාර වලින් හමාස් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති අතර කිසිඳු හමුදා සාමාජිකයෙකුට තුවාල සිදුව නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ  වූ මෙම ගැටුම් හේතුවෙන් පලස්තීන ජාතිකයින් 120 දෙනෙකු පමණ මියගොස් ඇති අතර තවත් දහස් ගණනක් තුවාල ලබා ඇති බව ගසා හි සෞඛ්‍ය අංශ පවසයි.