Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

උතුරු කොරියාව වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ සම්බාධක සංශෝධනය කරන ලෙස රුසියා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

උතුරු කොරියාව වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ සම්බාධක නිසි පරිදි සංශෝධනය කරන ලෙස රුසියා විදේශ අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

රුසියා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Zakharova මහත්මිය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය. එම සම්බාධක සංශෝධනය කිරීම, කොරියා අර්ධද්වීපය යථා තත්ත්වය බවට පත්වීමේ වැදගත් පියවරක්  වන බව Zakharova මහත්මිය කියා සිටියාය.

උතුරු කොරියා හා ඇමරිකා නායක හමුව පැවැත්වීමෙන් පසු කොරියා අර්ධද්වීප ප්‍රශ්නය පිළිබඳ විසඳුම් ක්‍රියාවලිය, චීනය හා රුසියාව සකස් කළ විසඳුම් මාර්ගයට එක් ව ඇති බව Zakharova මහත්මිය පැවසුවාය. කොරියා අර්ධද්වීපය සම්බන්ධ විවිධ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා විවිධ පාර්ශ්වයන් පියවරෙන් පියවර විසඳුම් සෙවිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.