Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 30, 2018

චීන - යුරෝපා ඉහළ පෙළේ ආර්ථික හා වෙළෙඳ සාකච්ඡා බෙයිජිංහිදී

7 වැනි චීන - යුරෝපා ඉහළ පෙළේ ආර්ථික හා වෙළෙඳ සංවාදය පැවැත්වේ. චීන උප අගමැති Liu He මහතා සහ යුරෝපා කොමිසමේ නියෝජ්‍ය සභාපති katanine මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංවාදය බෙයිජිංහිදී පැවැත්විණ.

ගෝලීයකරණය ඉදිරියට ගෙන යමින් චීන-යුරෝපා සහ‍යෝගිතාව ශක්තිමත් කිරීම එහි ප්‍රධාන තේමාවයි. චීනය හා යුරෝපා සංගමය අතර පවතින ඉහළ පෙළේ ආර්ථික හා වෙළෙඳ සංවාද යාන්ත්‍රණය වශයෙන් චීන-යුරෝපා ඉහළ පෙළේ ආර්ථික හා වෙළෙඳ සංවාදය ද්වීපාර්ශවික ආර්ථික හා වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් ‍කාර්යභාරයක් ඉටු කර ඇත. දෙපාර්ශවය පොදුවේ සැළකිල්ල දක්වන ගෝලීය ආර්ථික පරිපාලනය, වෙළෙඳාම, ආයෝජනය, නිර්මාණශීලි සංවර්ධනය හා අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ඇතුළු කරුණු පිළිබඳ ව මෙවර සංවාදයේ දී සාකච්ඡා කෙරිණ.