Social Icons

facebookrss feedemailtwitter

Friday, June 22, 2018

මානව හිමිකම් කවුන්සිලය ඇමරිකාව වෙනුවට වෙනත් රටක් නම් කිරීමට සූදානම්

ඇමරිකාව වෙනුවට නව සාමාජික රටක් පත් කරනු ඇතැයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි.

ඇමරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම පිළිබඳ එවන ලද නිල නිවේදනය ලැබී ඇති බව එම කවුන්සිලය 20 වැනි දින රාත්‍රියේ සඳහන් කර ඇත. ඇමරිකාව වෙනුවට නව සාමාජික රටක් ඒ සඳහා පත් කිරීමට වහාම ක්‍රියාත්මක වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති Vojislav Suc මහතා කියා සිටී. එම කවුන්සිලයේ 38 වැනි රැස්වීම 20 වැනි දින ජිනිවා නුවරදී පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විවිධ රටවල් සිය මානව හිමිකම් පිළිබඳව සාකච්ඡා සිදු කරන එකම ගෝලීය මට්ටමේ වේදිකාව බව Vojislav Suc මහතා එහිදී අවධාරණය කළේය. ඇමරිකාව ගත් මෙම තීරණය පිළිබඳව එහිදී විවිධ රටවල නියෝජි‍තයෝ අදහස් දැක්වූහ. චීනය ඇතුළු ඒ ඒ රටවල නියෝජිතයින් ඇමරිකාව ඉවත්වීම පිළිබඳව කණගාටු පළ කර තිබේ.