Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

නව සමෘද්ධි පවුල් 150,000 ක් තෝරා ගැනිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ සුදුසුකම් ලබන පවුල් 150,000ක් සඳහා සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන සමෘද්ධි සහනාධාර වැඩසටහන සඳහා නව ප්‍රතිලාභීන් හඳුනා ගැනීමට මේ දිනවල අයදුම්පත් කැඳවේ. සමෘද්ධි වැඩසටහන අඩු ආදායම්ලාභී පවුල් ජාතික සංවර්ධන ප්‍රවේශයට දායක කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනකි.

ඒ අනුව සමෘද්ධි සහනාධාර නොලබන අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහ මුලිකයන් විසින් ගෘහ මුලිකයාගේ නම, ලිපිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංක, වයස, පවුලේ වර්තමාන ආදායම් මාර්ග සහ වෙනත් අදාළ තොරතුරු ඇතුලත් අයදුම් පත්‍රයක් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යොමු කළ යුතුවේ.