Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කිරීමට ඇමෙරිකානු ජනපති බිරියගේ විරෝධය

ඇමෙරිකාවට නීති විරෝධී ලෙස ඇතුළු වන්නන් අතර සිටින දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කොට රැඳවීමේ ආන්දෝලනාත්මක ප්‍රතිපත්තියක්  සම්බන්ධයෙන් ඇමරිකානු ජනපති බිරිය වන මෙලානියා ට්‍රම්ප් තම අවධානය යොමුකොට තිබේ.

දරුවන් තම දෙමව්පියන්ගෙන් වෙන්කරනවා දැකීමට මෙලානියා අකමැති බවද, වඩා යහපත් සරණාගත ප්‍රතිපත්තියක් ඇගේ අපේක්ෂාව බව ද ඇගේ ප්‍රකාශකයා පවසයි. ඇමරිකානු ජනපතිවරයා සරණාගතයන් සම්බන්ධයෙන් දරන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇති ආන්දෝලනය අතරේ ජනපති ආර්යාව මෙම ප්‍රකාශය නිකුත් කොට ඇත.

ට්‍රම්ප් රජයේ මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් (කනිෂ්ඨ) ගේ බිරිය වන ලෝරා බුෂ්ද විරෝධය දක්වා තිබිණි. සති හයක කාලය තුළ නීති විරෝධීව රටට ඇතුළු වූ දෙදහසක පිරිසක වැඩිහිටියන් හා දරුවන් මෙසේ වෙන්කරන ලද බව වාර්තා විය.