Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

අනුරාධපුර පාසල් කිහිපයක් 26 වැනි දින සිට වැසේ

පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් 26 වැනි දින සිට 29 වැනි දින දක්වා දින 04 ක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් වසා දැමෙනු ඇති. පොසොන් උත්සවයේ රාජකාරි කටයුතු කිරිම සඳහා පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සඳහා මෙම පාසල් වෙන් කර ඇති බව පැවසේ.