Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

ට්‍රම්ප්ගෙන් අභ්‍යාවකාශ හමුදා බලකායක්

ඇමරිකානු ආරක්ෂක හමුදාවේ 06 වන බල ඇණිය අභ්‍යාවකාශ බලකායක් ලෙස ස්ථාපිත කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.

එමගින් ජාතික ආරක්ෂාව තහවුරු වන අතරම, රැකියා ජනනය කරමින් ඇමරිකානු ආර්ථිකය ද ශක්තිමත් කරනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ඇමරිකාව අභ්‍යාවකාශයට පිවිසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, එහි ආධිපත්‍යය පැතිර වීමට ද කටයුතු කළ යුතු බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ඇමරිකානුවන් නැවත සඳ වෙත යැවීමට සහ අඟහරු වෙත මිනිසුන් යැවීමට පියවර ගන්නා බවට ද ඔහු ප්‍රතිඥාවක් ලබාදී ඇත.