Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

බෝට්ටු අපනයනය සියයට 50% කින් වැඩි වේ

2016 වසරට සාපේක්ෂව 2017 වසරේ දී බෝට්ටු නිෂ්පාදන අපනයනය සියයට 50% කින් ඉහළ යයි. ඒ අනුව රුපියල් මිලියන 15,520 ආදායමක් උපයා ගැනීමට සමත් වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

නාවික හා සමූද්‍ර සංචාරක ක්‍ෂේත්‍රයේ සංවර්ධනය කැපී පෙනෙන වර්ධනයක් ද ලබා තිබේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බෝට් ෂෝ ශ්‍රී ලංකා 2018 බෝට්ටු ප්‍රදර්ශනය හා සැණකෙළිය පිළිබදව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙය දකුණු ආසියාවේ වඩාත් ඉලක්කගත හා විශාලතම ප්‍රදර්ශනය ලෙස හැදින්වේ.

මේ නිසා ශ්‍රී ලංකාවේ බෝට්ටු කර්මාන්තයට ශක්තිමත් අපනයන වෙළෙද ජාලයක් නිර්මාණය වී ඇත. මෙවර බෝට්ටු ප්‍රදර්ශනය හා සැනකෙළිය පැවැත්වෙන්නේ 2018 ඔක්තෝබර් 26 සිට 28 දක්වා ගාල්ල වරායේ යොට් යාත්‍රාංගනයේදීය. මෙම ප්‍රදර්ශනය වෙළෙද කුටි 80 කින් සමන්විත වන බව බෝට්ටු නිෂ්පාදන තාක්ෂණ ප්‍රවර්ධන ආයතනය සදහන් කරයි.