සයිටම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්‍රහනය කොට අවසන් වූ පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය අහෝසි වන බවත් ඒ සඳහා සංශෝධන ගෙන එන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපකෂ මහතා පවසයි.
එමෙන්ම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් ආරම්භයේ සිට උපාධි පිරිනැමීම දක්වා වූ සියලු කටයුතු අධීක්ෂණය කිරිමට යාන්ත්‍රණයක් සකස් කෙරෙන ''තත්ත්ව සහතික හා ප්‍රතීතන පනත් කෙටුම්පත'' ගෙන ඒමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය 20) වැනි දින පාර්ලිමේන්තුවේ දී එක්වෙමිනි.