Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයකින් දිවි ගළවා ගනී

සිම්බාබ්වේ බුලවායෝ නගරයේ පැවති ජන රැළියකදී එරට නව ජනපති එමර්සන් මනන්ග්වා එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දිවි ගළවා ගනී.

ජනපතිවරයා සිය ආධාරකරුවන් අමතා වේදිකාවෙන් නික්ම යද්දී මෙම පිපිරීම සිදුව ඇත. නමුත් ජනපති මනන්ග්වාට ඉන් හානියක් සිදු නොවූ අතර සිද්ධියෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.


ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. එරට රාජ්‍ය මාධය පවසා ඇත්තේ එරට උප ජනාධිපති Kembo Mohadi මහතාගේ පාදයකට ඉන් තුවාල සිදුවී ඇති බවයි. ජනාධිපති මනන්ග්වා සඳහන් කර ඇත්තේ, තුවාල වූවන්ට ඉක්මන් සහනය අපේක්ෂා කරන බවයි. එරට ජනාධිපතිවරනය පූලි මස 30 වැනි දින පැවැත්වේ.