Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

නව ක්‍රිකට් නිලවරණයකට අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අලුතෙන් නිලවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා එම ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම 14 වැනි දින කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සූමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදු කළේය.