Social Icons

facebookrss feedemailtwitter

Thursday, June 21, 2018

ඉස්සන් වගාවට ඉන්දිය සමාගමක් සුදානම්

විදේශයන්ගේ විශාල ඉල්ලුමක් පවතින ඉස්සන් වගාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ඉන්දීය ආයෝජකයින් කැමැත්ත පල කර ඇත.

ඒ යටතේ ජලජිවි වගා ක්ෂේත්‍රයේ ආයෝජනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් සිදුකිරීමට සුදානම් බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවු ඩි. ටයිටස් ප්‍රනාන්දු මහතා සදහන් කර සිටී. මෙහිදී Coastal Corporation Limited නැමැති තම ආයෝජන සමාගම ලංකාවේ ජලජිවි වගාව ආශ්‍රිත ඉස්සන් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීමට සුදානම් බවත් ඊට අමතරව මඩ කකුළු වගාව ව්‍යාප්ත කිරීම සදහා ද තමන් සුදානම් බව ඉන්දීය ආයෝජකයා පවසා සිටී.