Social Icons

facebookrss feedemailtwitter

Monday, June 25, 2018

ට්‍රම්ප් - කිම් හමුවට සිංගප්පුරු ඩොලර් මිලියන 16.3 ක්

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පැවැති හමුවට සිංගප්පූරු ඩොලර් මිලියන 16.3ක් (ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 12ක්) වැය වූ බව සිංගප්පූරුව නිවේදනය කර තිබේ.

වැඩි මුදලක් වියදම් කරන ලද්දේ ආරක්ෂාවට බව නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. ට්‍රම්ප් - කිම් හමුවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් සිංගප්පූරුවට සිංගප්පූරු ඩොලර් මිලියන 20 ක මුදලක් දැරීමට සිදුවනු ඇතැයි එරට අගමැති ලී සියැන් ලොන්ග් හමුවට පෙර ඇස්තමේන්තු කර තිබිණි. කෙසේ වුවත් ට්‍රම්ප් - කිම් හමුව නිසා සිංගප්පූරුවට ලැබුණු ප්‍රචාරය එහි වියදම මෙන් දස ගුණයකට වඩා වැඩි යැයි අලෙවි කළමනාකරණ විශේෂඥයෝ පවසා තිබේ.