Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 24, 2018

ප්‍රා.ලේ.කො. 365 දක්වා වැඩි කිරීමට තීරණයක්

දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 365ක් දක්වා වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු වේ. මේ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා ඇත.

මේ වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 ක් පවතින අතර වසර 2020 න් පසු එම කොට්ඨාශ සංඛ්‍යාව 365 ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව නුවරඑළිය, ගාල්ල, මහනුවර, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් එකතු වන බව වජිර අබේවර්ධන අමාත්‍යවරයා කියා සිටියේය.

දිවයින පුරා පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332 කට අදාළව නව ගොඩනැගිලි ඉදිකිරීම මේ වන විට සිදුකෙරෙන අතර එම කටයුතු ද වසර 2020 වන විට අවසන් කරන බව ද පැවසේ.