Social Icons

facebookrss feedemailtwitter

Sunday, June 24, 2018

දකුණු කොරියානු නායකයා හා රුසියානු නායකයා අතර හමුවක්

කොරියානු අර්ධද්වීපයේ සමතයකට පත්වූ ගැටළුකාරී තත්වය දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට හැකි උපරිම සහය ලබා දෙන බව රුසියාව පවසයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් සමඟ මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේ 22 වැනි දින පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම එකඟතාවන්ට එක්ව තිබේ.

කොරියානු අර්ධද්වීපයේ තිරසාර සාමයක් ස්ථාපිත කිරීම මොස්කව් රජයේ අපේක්ෂාව බව රුසියානු ජනාධිපතිවරයා එහිදී පැවසීය. රුසියාව සෑම අවස්ථාවකම උතුරු - දකුණු කොරියානු සහයෝගය දීර්ඝ කාලීනව පවත්වා ගැනීම වෙනුවෙන් දක්වන සහය ඉහළින් අගය කරන බව ද දකුණු කොරියානු නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය.