Social Icons

facebookrss feedemailtwitter

Saturday, June 30, 2018

යුරෝපා සංක්‍රමණික ප්‍රශ්නය විසදීමේ අරමුණෙන් සමුළුවක්

සංක්‍රමණික ප්‍රශ්නය විසදීම සදහා යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතර ද්වීපාර්ශ්වික හෝ ත්‍රෛයිපර්ශ්වික ගිවිසුම් ඇති කර ගැනීමට තමා අනුබල දෙන බව ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් මහත්මිය පවසයි.

යුරෝපා සංගමයේ සාමාජික රටවල් 28 මුහුණ දී සිටින සංක්‍රමණික ප්‍රශ්නයට තවමත් විසදුමක් නොමැති බව ඇය සඳහන් කළාය. ඇය පැවසුවේ බාහිර දේශසීමා ආරක්ෂා කිරීම සහ යුරෝපා සංගමය තුළ සංක්‍රමණිකයින් පාලනය කිරීම මූලික කරගෙන මෙම සමුළුව පැවැත්වෙන බවයි.

බ්‍රසල්ස් නුවර පැවැත්වීමට නියමිත සංක්‍රමණික සමුළුවට අවශ්‍ය සුදානම් කටයුතු සාකච්ඡා කිරීම සදහා යුරෝපා කොමිසමේ සභාපති ‍ජෝන් ක්ලෝඩ් ජැන්කර් මහතාගේ මුලිකත්වයෙන් නිල නොවන සමුළුවක් කැඳවා තිබේ. පොදු යුරෝපීය සරණාගත ක්‍රමවේදයේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සමුළු න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණකි.

නිල නොවන සමුළුවේ අරමුණ වන්නේ සංක්‍රමණික සහ සරණාගත ගැටළුවට යුරෝපීය විසදුමක් සෙවීමයි. සංක්‍රමණික ප්‍රශ්නයට නිසි විසදුම් ලබා නොදීම හේතුවෙන් ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් මහත්මියගේ ආණ්ඩුව අර්බුධයට ලක්ව සිටී. සංක්‍රමණිකයින් සදහා වන ජාත්‍යන්තර සංවිධානය පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 52240 ක් සංක්‍රමණිකයින් හෝ සරණාගතයින් ලෙස යුරෝපයට ලඟා වී ඇති බවයි.