Social Icons

facebookrss feedemailtwitter

Friday, June 15, 2018

පෙට්ට්‍රල් සහ සුපර් ඩිසල් යුරෝ 04 ප්‍රමිතියෙන්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැනට අලෙවි කරන ඔක්ටේන් 95 සහ සුපර් ඩීසල් වෙනුවට යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන ලබන ජූලි මස සිට මෙරටට ආනයනය කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.

යුරෝ 04 ප්‍රමිතියේ ඉන්ධන පරිසරයට වඩා හිතකාමී වේ. ඒ අනුව ඔක්ටෙයින් 95 පෙට්ට්‍රල් වල තත්වය සහ සුපර් ඩිසල්වල ප්‍රමිතිය ඉහළ යනු ඇත. දැනට තෙල් සංස්ථාව සතුව ඇත්තේ යුරෝ 03 ප්‍රමිතියේ ඉන්ධන බව ලේකම්වරයා සදහන් කළේය. මේ අන්දමින් ඉන්ධනවල ගුණාත්මක භාවය ඉහළ නැංවිම තුලින් වහනවල ක්‍රියා කාරිත්වයට සහ පාරිසරික ගැටලු අවමවිමක් ඇතිවිය හැකි වේ.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසීය. මෙම ව්‍යාපෘතිය 2018 අයවැය යෝජනාවක් අනුව ක්‍රියාත්මක වේ. 2018 අයවැය මගින් යෝජනා කර ඇත්තේ යුරෝ 04 ප්‍රමිතියේ වාහන ආනයනය කිරිමටය. යුරෝ 04 ප්‍රමිතියේ වාහන පාරිසරික හිතකාමී බව මෙන්ම වහනයේ ගමන් කරන්නන්ගේ ජිවිතා ආරක්ෂාවට බලපාන විශේෂාංග වලින් සමන්විත වේ.