Social Icons

facebookrss feedemailtwitter

Monday, June 18, 2018

දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ජනපති ප්‍රදානත්වයෙන් පැවැත්වේ

දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඒ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී. දරුවන් සුරක්ෂිත කොට ඔවුන්ට ජීවත්වීමට යහපත් රටක් නිර්මාණය කිරීම දරුවන් සුරකිමු වැඩසටහනේ අරමුණවේ. ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ. ළමා අපයෝජනය සහ අපහරණය වැළැක්වීම, සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය, අධ්‍යාපන හා ජීවන කුසලතා සහ ආරක්ෂාව යන පස්වැදෑරුම් අංශ ඔස්සේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.