Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 20, 2018

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50යි

රාජ්‍ය ආයතනවල පාඩුව බිලියන 50ට වැඩි බව පසුගිය සතියේ මුදල් අමාත්‍යාංශය එළිදැක්වූ වාර්තාවේ සඳහන් වන බව කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

රාජ්‍ය ආයතන වලින් වැය කරන මුදල් ඉතිරි කිරීමට හැකිවුණේ නම් විදේශීය ණය ලබා ගැනීමට අවශ්‍ය නැති බවත් මෙරට ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා යෙදවීමට හැකිවන බවත් කථානායකවරයා වැඩි දුරටත් පවසා ඇත. රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 837ක් ඇති අතර එම ආයතන සියල්ල විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්වන බවත්, තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී ඇති බැවින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට නොහැකි වේ.

එමෙන්ම සෑම දෙපාර්තමේන්තුවක්ම මාස තුනකට වරක් අභ්‍යන්තර විගණනයක් කිරීම අනිවාර්යය බවත් පැවැසූ කථානායක කරු ජයසූරිය මහතා පසුගිය වසරේ රාජ්‍ය ආයතන 50 ක් දුර්වල ආයතන බවට හඳුනාගෙන ඇති අතර මේ වසර තුළදී දුර්වල ආයතන 20 ක් හඳුනාගෙන ඇති බවත් පැවැසීය.