Social Icons

facebookrss feedemailtwitter

Wednesday, June 13, 2018

උතුරු කොරියා - ඇමරිකා ප්‍රථම නායක හමුව සිංග්ගපූරුවේදී පැවැත්වෙයි

උතුරු කොරියා රාජ්‍ය මණ්ඩල සභාපති කිම් ජොන් උන් මහතා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා(12) සිංග්ගපූරුවේදී හමු විය.

එය දෙරටේ ධුරයේ සිටින රාජ්‍ය නායකයින් අතර ඉතිහාසයේ සිදුවූ ප්‍රථම හමුවීමය. කොරියානු අර්ධද්වීප නිර්න්‍යෂ්ටිකකරණය සහ දෙපාර්ශ්වයේ නොසන්සුන් සබඳතාව ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඔවුහු සංවාදයක නිරත වෙති.

12 පෙරවරුවේ සිංග්ගපූරුවේ හෝටලයක රතු පලස මතින් දෙපස සිට පැමිණි කිම් ජොන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය ඉදිරියේ අතට අත දුන්හ. එය කොරියානු අර්ධද්වීප ප්‍රශ්ණය දේශපාලනයෙන් විසඳා ගැනීමට වැදගත් පියවරක් ලෙසට සැලකේ.