Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 13, 2018

අප්‍රිකාවේ ඉබෝලා යළි ජීවිත 200 ක් බිළි ගනී

අප්‍රිකානු කොංගෝ රාජ්‍යයේ නැවතත් පැතිරෙන ඉබෝලා වෛරස් රෝගයෙන් මේ වනවිට 200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

වෛරසයට එරෙහිව එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර, ඊට කැරළිකාර කණ්ඩායම් බාධා පමුණුවන බව කොංගෝ රජය ප්‍රකාශ කරයි. කොංගෝවේ මෙවර මාරාන්තික ඉබෝලා වෛරසය පැතිරෙන්නේ පසුගිය ජූලි මාසයේ සිටයි. 1976 වසරේ මුලින්ම මෙහි වෛරස් රෝගය සොයාගැනුනු අතර, 2014 වසරේ සියරාලියොන්, ලයිබීරියාව, නයිජීරියාව ඇතුලූ රටවල් රැසක ඉබෝලා වසංගතය පැතිරිණ.