Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 13, 2018

මාවල් චිත්‍රකතා මාලාවේ නිර්මාතෘ ස්ටෑන් ලී සමුගනී

Spider-Man, Black Panther, the Incredible Hulk, X-Men, Iron Man, and The Avengers ලොකු කුඩා කා අතරත් ඉතාමත් ජනප්‍රිය චරිත වේ.

මෙම චිත්‍ර කතාංග චරිත නිර්මාණය කළ මාවල් චිත්‍රකතා සමාගමේ හිටපු සභාපති හා ඇමරිකානු කතුවරයෙකු වන ස්ටෑන් ලී මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිය යනවිට 95 වැනි වියේ පසුවූ ලී උපත ලැබුවේ, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදීය. මාවල් සමාගම ආරම්භ කළේ 1939 දී. ආරම්භයේ දී විහිළු කතා මාලා නිර්මාණය කළ එම ආයතනය මාවල් සමාගම ලෙස නම් කළේ 1961 දීය. ලී ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රකතාව නිර්මාණය කළ අතර, පසුකාලීනව සිදුකළ ඔහුගේ නිර්මාණ රැසක් ඉතාමත් ජනප්‍රිය විය.