Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

ආදරණීය මිකීට අවුරුදු 90 යි

ලෝ ප්‍රකට මිකී මවුස් කාටුනය නිර්මාණය කර වසර 90ක් ගතවීම නිමිත්තනේ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී විශේෂ ප්‍රදර්ශනයක් පැවැත්වෙයි.

වෝල්ට් ඩිස්නි විසින් මිකී මවුස් කාටුනය නිර්මාණය කළේ 1928 වර්ෂයේදීයි. ඒ අනුව මේ වසරේදී මිකී මවුස් සිය අනූව වැනි ජන්ම දිනය සරමයි. ඒ වෙනුවෙන් ඩිස්නි සමාගම මිකී මවුස් නිර්මාණ ඇතුළත් විශේෂ ප්‍රදර්ශනයක් මෙලෙස සංවිධානය කර ඇත. වර්ග අඩි දහසය දහසකින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශන භූමියේදී ඡායාරූප, කෙටි චිත්‍රපට ඇතුළු මිකී මවුස් නිර්මාණ රැසක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදාකර දී තිබේ.