Social Icons

facebookrss feedemailtwitter

Tuesday, November 13, 2018

මිනිත්තු දෙකක් තුළ යුවාන් බිලියන 1.4 ක ආදායමක් ඉපයූ තනිකඩ දිනය

11 යි 11 කියන දිනය චීනයේ තනිකඩයින් සැමරීම වෙනුවෙන් විශේෂිත වූවකි. සුවිශේෂීත්වය එය නොවේ. නොවැම්බර් මස 11 වැනි දින තනිකඩ දිනය සැමරුව ද ඉන් ප්‍රතිලාභ හිමිවීමේ ව්‍යාපාරික ක්‍රමවේදයක් එදිනම පැවතීමය.

එනම් අන්තර්ජාලය හරහා මෙන්ම සාප්පු සංකීර්ණ තුළින් විශේෂිත වට්ටම් සහිත මිළකට භාණ්ඩ මිළදී ගැනීමට ඇති හැකියාවයි. සැබෑ ලෙසම චීනය තුළත් රටින් පරිබාහිර වෙළඳපළ තුළත් එදින භාණ්ඩ මිළදී ගැනීම සඳහා පැවතියේ තරඟකාරී වෙළඳ පරිසරයකි. ආරම්භක මිනිත්තු 2 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.44 ක මුදලක් උපයා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික වෙළඳපලට හැකි වී තිබේ.


චීනයේ අලි බාබා සමාගම පවසන පරිදි රටවල් 75 කට විවිධ ව්‍යාපාරික නාම යටතේ, භාණ්ඩ 19,000 ක් පමණ අන්තර්ජාලය හරහා එදින විකිණීමට හැකි වී තිබේ. අන්තර්ජාල වෙළඳාම ජනප්‍රිය වෙළඳ මාධ්‍යක් බවට පත්ව ඇති චීනයේ 11 වෙනි මාසයේ 11 වැනි දින සමරන්නේ 1111 යනු සැබැවින්ම හිස් වූ එසේත් නොමැති නම්, තනි වූ කූරු හතරක් යන අදහස නිසා, තනිකඩයින්ට සුදුසුම දිනය එදින බව නූතනත්වය තුළ ගොඩණැගුණු සිතුවිල්ලත් සමගය. කෙසේ වුවත් අලිබාබා සමාගම පළමු උත්සව දිනයේ පමණක් යුවාන් බිලියන 168.2 ක තනිපුද්ගල ආදායමක් ලබා තිබේ.

තනිකඩයින් සැමරීම සඳහා චීනයේ පැවැත්වෙන 11 වැනි මාසයේ 11 වැනි දින 11 වෙනි මිනිත්තුව ඉතාමත් ජනප්‍රිය වාර්ෂික අන්තර්ජාල සාප්පු සවාරි වැඩසටහනක් බව නම් කිව හැකිය. චීනයේ Tmall's සමාගම උපයා ඇති මුදල යුවාන් මිලියන 52 කි.