Social Icons

facebookrss feedemailtwitter

Saturday, November 10, 2018

මේ වසර තුළ නව හෝටල් 29 ක්

වසරේ මුල් මාස 8 තුළ දී අලුතින් හෝටල් 29ක් ආරම්භ කිරීම සඳහා මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කරයි.

ඉන් හෝටල් 24ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, මේ හරහා නව හෝටල් කාමර 878ක් ස්ථාපිත වනු ඇති බව මහ බැංකුව ප්‍රකාශ කරයි. එමෙන්ම, ශ්‍රී ලංකා සංවාරක සංවර්ධන අධිකාරිය සදහා ද නව හෝටල් 100ක් ආරම්භ කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති මුදල රුපියල් මිලියන 830කි.